පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් ති‌දෙනෙක් අත්අඩංගුවට

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව සීගිරිය පොලීසිය පවසයි.

මුහුණු පොත හරහා සමාජල වෙබ් අඩවිවලට එම ඡායාරූප සඳහා පෙනී සිටිමින් මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Exit mobile version