මගී ගුවන් යානයක් හදිසි දෝෂයකට ලක්ව ධාවන පථයට ඔබ්බෙන් වු මුහුදු කලපුවකට ගොඩබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා දිවයිනේ සිට පැපුවා නිව්ගිනියාව බලා එම යානය ධාවනය කර ඇත.
කෙසේ වෙතත්, එහි ගමන් ගත් මගීන් 35 දෙනාට සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනාට බරපතල හානියක් සිදුව නැති බවද සඳහන් වෙයි.
පැපුවා නිව්ගිනියා – එයාර් නිව්ගිනි ගුවන් සේවයට අයත්, බෝයිං 737 – 800 යානයේ ගමන්ගත් මගීන් සියලූදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව සඳහන්.