ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දෙවන ප්‍රාදේශීය මහා සමුළුව අම්පාරේ දී

ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනය තහවුරු කිරීම පිණිස සර්වආගමික නායකයන්ගේ උපදේශකත්වය සහ සර්වපාක්ෂික සහභාගීත්වයෙන් යුතුව ස්ථාපිත කෙරුණු පාර්ලිමේන්තු කමිටුව විසින් පවත්වනු ලබන දෙවන ප්‍රාදේශීය මහා සමුළුව “තිරසාර සහජීවනය උදෙසා ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ” යන්න  තේමා කොට ගනිමින් අද 01 දින අම්පාරේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත .

විශාල වාර්ගික හා ආගමික විවිධත්වයකින් යුත් ජන සංයුතියක් සහිත අම්පාර දිස්ත්‍රික්කය මෙවර පැවැත්වෙන දෙවන  ප්‍රාදේශිය මහා සමුළුව සඳහා තෝරා ගැනීම සෑම අතින්ම යෝජ්‍ය බව ජාතික හා ආගමික සහජීවනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අදහස වූ අතර, මෙවර සමුළුවේදී ඉහත තේමාව පදනම් කරගනිමින්.

  • භාෂා ප්‍රතිපත්තිය,
  • අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම්.
  • අම්පාර  දිස්ත්‍රික්කය තුල ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ ජාතික හා ආගමික සංහිදියාවට අදාල  අත්දැකීම් සහ ගැටළු. පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
Exit mobile version