මධ්‍යම කදුකරයට තද වැසි – රථ වාහන ගමනා ගමනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (01) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමග රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවට වාර්තා ව‌ෙයි.

හැටන් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල අසල මිටර් 200 පමණ වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇත.

වැසි ජලය ගලා බසිනා කාණු පද්ධති අවහිර විම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා බසිනා බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

Exit mobile version