බුන්දල කලපුවේ මත්ස්‍යන් මියයෑමේ තර්ජනයකට

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල කලපුවේ සිටි මසුන් ඇතුළු එහි ජීවත්වූ තවත් සත්ත්වයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට මියයෑමේ තර්ජනයකට ගොදුරුවී තිබේ.

මෙම තත්ත්වය මත බුන්දල වනෝද්‍යානයට පැමිණෙන කුරුල්ලන්ටද අවශ්‍ය ආහාර අහිමිවනවා සේම කලපුව තුළ මසුන් අල්ලමින් ජීවත් වූ ධීවර පවුල් දෙසීයකට වැඩි ප්‍රමාණයක්ද දැඩි සේ අසරණ තත්ත්වයට පත්ව සිටිති.

මීට දින හතරක පමණ සිට මෙම තත්ත්වය උද්ගතව ඇති අතර මේ වන විට බුන්දල කලපුවේ සිටින කුඩාම මත්ස්‍යාගේ සිට විශාල මසුන් මෙන්ම සෙසු ජලජ ජීවීන්ද මිය ගොස් ඇති බවට ධීවරයෝ පවසා සිටිති.

Exit mobile version