වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ දූෂණය‌ේ සුලමුල හෙළිවෙයි – සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් ‌හඳුනාගනී

වසර 19 කට ප‌ෙර ක‌ොරියානු ජනරජය‌ේ දී සිදු වු සමුහ ස්ත්‍රී දුෂණයක් පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ ද‌ෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.

එම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් ‌මේ වන විට හඳුනාග‌ෙන ඇති බව පා‌ෙලිස් මාධ්‍ය ප්‍රකාශක ප‌ොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළ‌ේය.

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සම්බන්ධ බව කියන මීට වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොරියාවේ තේගු ප්‍රාන්තයේදී 1998 වසරේ කොරියාවේ ගුමා අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි සඳහන් වුය‌ේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇයගේ ඇඳුම්වල තිබූ පැල්ලම් හඳුනා ගෙන එම පැල්ලම් ආශ්‍රයෙන් DNA ආකෘතියක් ලබාගැනීමට කොරියානු බලධාරින් පියවර ගෙන තිබිණ.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් තිද‌ෙනෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර ඇති බවට ඒ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ලාංකිකයකු මෙරට දේශසීමාවෙන් පිටත සිදුකරන ලද අපරාධයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අනුව මෙරට අධිකරණයට බලය ඇති බවටයි පා‌ෙලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිය‌ේය.

Exit mobile version