අමෙරිකාවට සුළි කුණාටුව සමග හටගත් ධාරානිපාත වර්ෂාවත් සමග ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක්

අමෙරිකාවට බලපෑ ‘නේට්’ සුළි කුණාටුව සමග හටගත් ධාරානිපාත වර්ෂාවත් සමග ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. මේ වන විට සුළි කුණාටුවේ ප්‍රබලත්වය අවම වී ඇති බව වාර්තා වේ.

ලුවිසියානා සහ මිසිසිපි ප්‍රාන්ත වලින් ඇතුළු වු කුණාටුව මේ වන විට ඇලබාමා ප්‍රාන්තය හරහා හමා යන බව කාලගුණ අංශ සඳහන් කරයි.

මිසිසිපි ප්‍රාන්තයේ බිලොක්සි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගත් බවද සඳහන්ය.

නේට් චන්ඩ මාරුතයෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

 

 

 

Exit mobile version