වැඩිහිටියන්,අබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයෙන් කෝටි 495ක්

අඩු අදායම් ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, අබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

2018 වසරේ ඉදිරි මාස 03 සඳහා රුපියල් කෝටි 99ක් සහ 2019 වර්ෂය සඳහා රුපියල් කෝටි 369ක් ලෙස අදාළ මුල්‍යාධාර සඳහා මුදල් වෙන් කර තිබේ.

Exit mobile version