ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබේ

ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබිමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබේ.

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශලට ඊයේ (03) පස්වරුවේ ඇඳ හලුණු අධික වර්ෂාවත් සමඟ ඊයේ පස්වරු 3.30 පමණ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් මුලින් විවෘත කර පසුව එම ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා තවත් ස්වයංක්‍රිය වාන් දොරටු දෙකක් විවෘත වි තිබුණි.

ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු පහක් ඊයේ පස්වරුවේ විවෘත කර තිබුණු අතර, ඊයේ රාත්‍රිය වන විට එහි ස්වයංක්‍රිය වාන් දොරටු දෙක වැසි ගොස් තිබුණි.

අද (04) අලුයම වන විට එම ජලාශයේ විවෘත කර තිබු වාන් දොරටු තුනෙන් දෙකක් වසා දමා එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ.

අද දිනයේත් ඉහළ ජල පෝෂක ප්‍රදේශයට වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද විවෘත කරන බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවන් කියා සිටින්නේ.

Exit mobile version