අගමැති ඔස්ල‌ෝ නුවර ර‌ොබෝ තාක්ෂණය‌ෙන් ක්‍රියාත්මක ගබඩා කටයුතු නිරීක්ෂණයට එක්ව‌ෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා න‌ෝර්වේ රාජ්‍යයේ සිය ත‌ෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඊය‌ේ (03) සන්ධ්‍යාවේ ඔස්ල‌ෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණය‌ේ ර‌ොබෝ තාක්ෂණය‌ෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්ෂණය කළ‌ේය.

එලිමන්ට් ල‌ොජික්ස් හා ටික්රි තාක්ෂණික සමාගම්වල ‌මෙහ‌ෙයවීම‌ෙන් ම‌ෙම ර‌ොබ‌ෝ තාක්ෂණික කාර්යයන් සැලසුම් ක‌ොට ක්‍රියාත්මක වන අතර, ‌මේ ඔස්ස‌ේ ඉතා කඩිනම් හා කාර්යක්ෂම ල‌ෙසින් ගබඩාගත කිරිමට ම‌ෙන්ම, ඒවා යළි ඇසුරුම්කර නැව්ගත කිරිමට ද හැකියාව ලැබී අැත.

Exit mobile version