තේ දළු නෙලමින් සිටි වතු කම්රුවන් පිරිසකට හඳුන් දිවි පැටවුන් දෙදෙනෙක් හමුවෙයි

තේ දළු නෙලමින් සිටි වතු කම්රුවන් පිරිසකට මවගෙන් වෙනි වී සිටි හඳුන්දිවි පැටවුන් දෙදෙනෙකු හමු වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ මැද කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද (04) දහවල් මෙම හඳුන් දිවි පැටවා තේ පදුරක් යට සිටිනු දැක පසුව එම පැටවුන් දෙදෙනා ආරක්ෂිතව රැගෙන බගවන්තලාව පොලිසියට භාර දිමට කටයුතු කර ඇත.

මෙම හඳුන් දිවි පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට භාර දිමට බගවන්තලාව පොලිසිය
කටයුතු කර ඇත.

Exit mobile version