ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර
මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජලාශයේදි පැවැත්විණ.
ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලය මගින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද දියත් කරනු ලැබු බවයි සඳහන් වන්නේ.
තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින ප්‍රදේශවාසින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවටද මෙහිදි ජනතාව දැනුවත් කල අතර, මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව මුළු ජලාශයේම තැන්පත් වි ඇති ඝන අපද්‍රව්‍යය ඉවත් කරනු ලැබීය.