Home ක්‍රීඩා පුවත් ලංකාවේ දෙවැනි ඉනිම ලකුණු 96කට කෙටි වේ

ලංකාවේ දෙවැනි ඉනිම ලකුණු 96කට කෙටි වේ

0
ලංකාවේ දෙවැනි ඉනිම ලකුණු 96කට කෙටි වේ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස වන අද තරඟය ආරම්භයේදී ලංකාව දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා ගෙන සිටියා.

කෙසේ වෙතත් ලංකාවේ ඉතිරි කඩුලු 5 ලකුණු 62 ක් තුලදී දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වුවා. දික්වැල්ල වේගවත් ලකුණු 21 ක් ලබා ගත්තෙ 4 පහර 4 ක් එක්ක. හේරත් ලකුණු 17 යි. ලංකාවේ දෙවෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුන කුසල් මෙන්ඩිස් ලකුණු 29 යි.

ලංකාවේ දෙවෙනි ඉනිම කෙටිකිරීමට පකිස්තානු වේග පන්දුයවන වහබ් රියාස්කගේ පන්දු යැවීම හේතුවක් වුන අතර ඔහු කඩුලු 4 ක් ලබා ගැනීමට සමත්වුනා. ඒ අනුව ලකුණු 220 ක මුල් ඉනිමේ වාසියත් සමග ලකුණු 316 ක ඉලක්කයක් ලබාදීමට ලංකාවට හැකියාව ලැබුනා.

තණතිල්ල එන්න එන්නම පන්දු යවන්නන්ට වාසි වෙන බවක් පෙනීමට තිබෙන බව විස්තර විචාරකයන් සඳහන් කරන අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැඩි වැසි සහගත බවක් ඇති බවද සදහන් වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version