නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි සහ අගමැති අතර හමුවක්

නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාව වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen) මහත්මිය විසින් පිළිගන්නා ලදී.

නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභා ගර්භය වෙත කැඳවා ගෙන පැමිණි රනිල් වික්‍ර‍මසිංහ මහතා වෙත එරට මන්ත්‍රණ සභා ඉතිහාසය හා සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් ටෲන් මහත්මිය කරුණු පැහැදිලි කළාය.

උත්තරීතර මන්ත්‍රණ සභා සභාපතිනියගේ නිල කුට්යේ දී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීණි.

Exit mobile version