හිටපු නීතිපතිවරයෙක් වු ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත ව‌ෙයි

හිටපු නීතිපතිවරයෙක් මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්ද වූ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නීතිපති තනතුරින් විශ්‍රම ගැනීමත් සමග ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය.

ඔහු අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

Exit mobile version