මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නඩුව යළි විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද(09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබිය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරිම සමිබන්ධව එල්ලවු චෝදනා යටතේය.

විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න විමසීම අවසන් වීමෙන් පසුව නඩු විභාගය නොවැම්බර් මස තිස් වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

Exit mobile version