යතුරුපැදියක් ලොරි රථයක ගැටී අඹුසැමි යුවලකට තුවාල

වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක අද(09) උදැසන ගැටීමෙන් අඹු සැමි යුවලක් තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

යුද හමුදා ආපන අසල පැවති උත්සවයකට ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණ ලොරි රථයක මෙලෙස යතුරුපැදියක් ගැටී ඇති
බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අඹුසැමි යුවල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුරින් 25 හැවිරිදි තරුණයෙකු හා 18 හැවිරිදි තරුණියක් තුවාල ලබා ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවද පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Exit mobile version