අමෙරිකාවට බලපා ඇති මයිකල් සුළි කුණාටුව ‌- ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ වයඹ දිග ෆ්ල‌ොරීඩාවට බලපා ඇති මයිකල් සුළි කුණාටුව ‌හේතුවෙන් පුද්ගලයින් 13 ද‌ෙන‌ෙ‌කු මියග‌ොස් ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

අම‌‌ෙ‌රිකාවේ ෆ්ල‌ොරීඩා, ඇලබාමා සහ ජා‌ේර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ති‌බේ.

ඒ මයිකල් නමැති සුළි කුණාටු‌‌වේ බලපෑම් ‌මෙම ප්‍රාන්ත තුනට ඇතිවිය හැකි බවට එරට කාලගුණ අංශ දැනුම් දීමත් සමඟයි.

සුළි කුණාටුව ‌හේතුවෙන් ෆ්ල‌ොරීඩාහී පුද්ගලයින් තුන්ලක්ෂ 70,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන ‌වෙත ය‌ොමු කර තිබේ.

වසර සියයකට පමණ පසුව අමෙරිකාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව ම‌ෙය වන අතර සුළි කුණාටුවත් සමඟ ඇති වු වැසි ‌හේතුව‌ෙන් වයඹ දිග ෆ්ල‌ොරීඩාවේ මුහුදුබඩ නගර කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

මෙම සුළි කුණාටුව පැයට කිල‌ෝමීටර 155ක ‌වේගයකින් හමන බවයි එරට මාධ්‍ය වාර්තා කළ‌ේ.

මේ ‌හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් ද ඇතිවිය හැකි බව අමෙරිකානු කාලගුණ අංශ දැනුුුුම් ද‌ෙයි.

එම‌ෙන්ම ‌මේ ‌හේතුවෙන් ෆ්ල‌ොරීඩා ප්‍රාන්තයේ පාසල් සහ රජයේ කාර්යාල ද වසා දමා තිබේ.

ෆ්ල‌ොරීඩා ප්‍රාන්තයට ‌මේ වසරේදී බලපාන ප්‍රබලතම සුළි කුණාටුව බවයි එරට ආපදා අංශ සඳහන් කරන්න‌ේ.

Exit mobile version