රන් බිස්කට් කැබලි 12ක් සමඟ ගුවන් මගීයෙකු අත්අඩංගුවට

UL 309 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණී ගුවන් මගීයෙකු රැග‌ෙන එන ලද රන් බිස්කට් කැබලි 12ක් කටුනායක ‌රේගු මත්ද්‍රව්‍ය නාශක ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ග‌ෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් ත‌ොගයේ බර ග්‍රෑම් 1100 වන අතර එහි වටිනාකම රුපියල් හැත්තෑ එක් ලක්ෂ පනස්දහසක් බවයි කටුනායක නිය‌ෝජ්‍ය ‌රේගු අධ්‍යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා සඳහන් කළ‌ේ.

මේ අතර එම ගුවන්යානය‌ෙන්ම ‌මෙරටට පැමිණී වයස අවුරුදු 54ක කාන්තාවක් රැග‌ෙන එන ලද රන් බිස්කට් කැබලි 3ක් ද කටුනායක ‌රේගු මත්ද්‍රව්‍ය නාශක ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ග‌ෙන තිබේ.

එම රන් කැබලි වල බර ග්‍රෑම් 300ක් වන අතර එහි වටිනාකම රුපියල් දහනම ලක්ෂ පනස් දහසක් බවයි කටුනායක නිය‌ෝජ්‍ය ‌රේගු අධ්‍යක්ෂවරයා සඳහන් කළ‌ේ.

Exit mobile version