පැලවත්‌තේ රෙදිපිළි වෙළඳ සැලක ගින්නක්

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක අද(11) උදෑසන ගින්නක් හට ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් ‌මෙ‌සේ ගිනිග‌ෙන ඇත.

 

Exit mobile version