Home දේශීය පුවත් ”ඉන්දියානු සාගරය” සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

”ඉන්දියානු සාගරය” සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

0
”ඉන්දියානු සාගරය” සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්
ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලූවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත්, ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම, සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ, සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් සමග විද්වතුන් සහභාගී වන මෙම සමුථව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානය, එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ මර්ධන වැඩසටහන හා එක්ව සංවිධානය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමුළුව අමතා විශේෂ දේශනයක් සිදු කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version