රොනී ලීච් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අවසන් ගෞරව දැක්වී ය.

රොනී ලීච් මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (11) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීය.

රොනී ලීච් මහතාගේ බිරිඳ, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත මෙන්ම රසික රසිකාවියන් වෙත ද ජනපති සිය සාතිශය සංවේගය පළ කළේ ය.

Exit mobile version