හෙරොයින් සමඟ ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට

රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද(15) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ම‌ෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මොවුන් දෙදෙනා අද දින අලුයම ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක, ව්‍යාජ පතුලක් සකස් කර ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර මෙම  හෙරොයින් තොගය සඟවා ගෙන තිබී ඇත.

Exit mobile version