ගම්පෙරළියෙන් ගාල්ලට මිලියන 1276ක්

ගම්පෙරළිය කඩිනම් වැඩසටහන මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1276ක වියදමින් ව්‍යාපෘති 2561ක් ක්‍රියාත්මක කිරිමට යෝජනා වී ඇත.

දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 10 තුළ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර මැතිවරණ කොට්ඨාශයට අදාළව ව්‍යාපෘති තෝරා ගැනීම සිදු කෙරේ. ගම් මට්ටමෙන් ක්‍රියාකාරි කුඩා ව්‍යාපාර නැංවීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කර කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ස්ථිර ක්‍රමවේදයන් සකස් කිරීම, මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් නැංවීමට, මිනිසුන්ගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට, ජල ව්‍යාපෘති, විදුලි ව්‍යාපෘති වැනි ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ග්‍රාමිය ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිලාභ මෙම ගම්පෙරළිය ජාතික වැඩසටහන මගින් මගින් සිදු කෙරෙන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දි තිබේ.

Exit mobile version