අලියත් එක්ක හැප්පුණු කොස්තාපල් මරුට

මහනුවර – යාපනය ඒ 09 මාර්ගයේ ඥානික්කුලම් පාලම අසලදී යතුරුපැදියක් වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනුරාධපුර සිට කැකිරාව දෙසට ගමන් කළ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ තිරප්පනේ, උලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි මෝදර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරිරය තිරප්පනේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතයි.

Exit mobile version