කැනඩා සිහිනය පෙන්වා මුදල් ගසා කෑ අය දැලේ

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර එහි තිබී ලිපි ලේඛන රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත. මෙම පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඒ අනුව අදාළ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍ර හිමියාට හා එහි කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයාට එරෙහිව කාර්යාංශය මගින් නඩු පවරා ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද අවලංගු කර තිබේ.

Exit mobile version