මම ක්‍රීඩා අැමතිකම එපා කිව්වා – අර්ජුන රණතුංග

“ජනාධිපතිතුමා මගෙන් ක්‍රීඩා ඇමතිකම ඕනද කියලා ඇහුවාම මම එපා කිව්වා” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ක්‍රීඩා අමාත්‍ය ධුරය භාරදීමට විමසීමක් කළද, තමන් එය ප්‍රතික්‍ෂේප කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමට තමන්ට කිසිදු කැමැත්තක් නොතිබූ බවද කොළඹදී පෙරේදා (16දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගිවෙම්න්ය.

“මටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ මම දේශපාලනයට ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්න තියෙන පෙරේතකමට කියලා’’ යැයි වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය .

Exit mobile version