මාධ්‍යවේදින්ගේ ප්‍රශ්න හමුවේ මහින්ද නැගිට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) දහවල් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු නොදි එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

එම රැස්විම කැඳවා තිබුණේ අද (18) කොළඹ 07,විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදිය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

ජී.එල්.පීරිස් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පමණක් එහිදී අදහස් පළ කළ අතර, පසුගිය පාලන කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර තිබූ බවට වාර්තා පළවීම හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සම්බන්ධව මාධ්‍යවේදීහු එහිදි විමසීම් කළහ.

Exit mobile version