රෝහිතට එරෙහි නඩුව දෙසැම්බර් 11

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අද(19) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු අතර වැඩිදුර සාක්ෂි විභාගය සඳහා දෙසැම්බර් මස 11  වනදාට කල් තැබුණි.

රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ මුදල් අයථා ආකාරයෙන් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ලද චෝදනා යටතේ මෙම නඩුව ගොනු වි තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි.

Exit mobile version