තෙල් මිල අඩුවෙයි ?

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි නිසා ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ  ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙම්නි.

අද වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.6ක් පමණ හෙවත්, ඇ.ඩො.86 සිට 80 දක්වා අඩුවී තිබෙන බව එහිදී, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version