නුවරඑළියට නායයෑමේ අවදානම් නිවේදනයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් මත ඊයේ(21) රාත්‍රි 10.30 සිට ඉදිරි පැය 24 සදහා ක්‍රියාත්මක වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්ම වූ වාර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර මේ හේතුවෙන් නායයාම්, බැවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොලොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

Exit mobile version