ධාන්‍ය වර්ග රැසක් අානයනයට බලපත්‍ර නෑ

බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම අදාළ භාණ්ඩ සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද ලබන වසරේ සිට ඉහළ දැමිමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

අදාළ බෝග වර්ග මෙරට නිෂ්පාදනය කිරීම සඳහා දේශිය ගොවියා දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

Exit mobile version