Home දේශීය පුවත් වතුරේ ගිය පාර කන්ද කපා හදයි

වතුරේ ගිය පාර කන්ද කපා හදයි

0
වතුරේ ගිය පාර කන්ද කපා හදයි

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් කාසල්රි ජලාශයට නායගිය මිටර් 45 ක පමණ
මාර්ගයේ කොටස වෙනුවට එම ස්ථානයෙන්ම පස් කන්ද කපා අලුතින් මාර්ගයක් ඉදි කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අද(22) ආරම්භ කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ලබාදුන් නිර්දේශයක් මතයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් මෙම නව මාර්ගයේ කැපිම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ.

ඉකුත් 13 වෙනිදා ප්‍රධාන මාර්ගයේ කොටසක් සමඟ ප්‍රධාන මාර්ගය අභියස තිබු නිවාස පහක් ද කාසල්රි ජලාශයට නායයෑම නිසා හැටන් බගවන්තලාව, බලංගොඩ, නොර්වුඩ්, මස්කෙලිය, සාමිමලේ සහ නල්ලතන්නිය යන ප්‍රදේශවල ගමනා ගමනය සම්පුර්ණයෙන්ම මේ වන විට ඇණ හිට ඇත.

නොර්වුඩ් කෙටි මාර්ගය නායයෑමත් සමඟ විකල්ප මාර්ග ඔස්සේ ඉහත සදහන් ප්‍රදේශවලට රථ වාහන ධාවනය කරවන අතර, මාර්ගය නායයෑම නිසා ජන ජිවිතයටද ගැටළු රැසක් මතු වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version