රුපියල අවප්‍රමාණය වීමේ ගැටළුවක් නෑ පාඨලී කියයි

රුපියල අවප්‍රමාණය වීම භාණ්ඩාගාරයට ගැටළුවක් නොවන බවත් භාණ්ඩාගාරය ගෙවන ණය මෙන් දෙගුණයක් ආනයන වලින් බදු මුදල් උපයන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

තවද රුපියල අවප‍්‍රමාණය වීම ගැන විශාල භීතිකාවක් රටේ ඇතිකර තිබෙන අතර රුපියල අවප්‍රමාණය වීමෙන් ගැටළු ඇති වන්නේ ආනයනික භාණ්ඩ ගෙන්වන ජනතාවට පමණක් බවද අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සහසක් තුරු වැඩසටහන යටතේ මිලියනයක් ශාක සිටුවීමේ රත්නපුර වැඩසටහනකට සහභාගී වෙමිනි.

Exit mobile version