දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙක බැගින් ඊයේ (24) රාත්‍රියේ සිට විවෘත කර ඇති බවයි.

මේ අතර වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 03 සදහා නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Exit mobile version