X-ray ඩිජිටල් වෙයි

රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රෝග මුල් අවස්ථාවේ දීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන අැත.

ඒ අනුව රජයේ රෝහල්වල දැනට භාවිතයට ගැනෙන ඇනලොග් එක්ස් කිරණ ඡායාරූප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනටමත් පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50 ක් ඩිජිටල් විකිරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට සහ ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25 ක් ලබා ගැනීමට සැළසුම් කර තිබේ.

Exit mobile version