වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයක

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා කොටගල නගරයේ සියළුම වෙලදසැල් කළු කොඩි ඔසවා අද(25) උදැසන සිට වසා දමා තිබේ.

මෙම උද්ඝෝෂණය කොටගල වෙළදසංගමය විසින් සංවිධානය කර තිබුණි.

හැටන් කොටගල අවට තේ වතු වල වතු කම්කරුවන් සහ කොටගල නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ කොටගල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්, වෑන් රථ හිමියන් ඇතුළු සියළු දෙනා එක් වි මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වයි.

මෙම උද්ඝෝෂණයට සමගාමිව හැටන් නොර්වුඩ් නගරයේද උද්ඝෝෂණයක් පැවැත් වු අතර නොර්වුඩ් නගරයේද වෙලදසැල් කළු කොඩි ඔසවා වසා දමා තිබුණි.

වතු සමාගම් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැන ගෙවන රු.530 රු.600 දක්වා වැඩි කල හැකි බවයි එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත.

Exit mobile version