රවීගේ ගෙයි හොරෙන් විඩියෝ කරයි

රජයේ රූපවාහීනී නාළිකාවකින් අනවසරයෙන් සිය නිවස ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

වරප්‍රසාද ප්‍රශ්ණයක් මතුකරමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

කථානායකවරයා සඳහන් කළේ තමන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දෙන බවයි.

Exit mobile version