5 ශිෂ්‍යත්වේ ගැන අකිලගෙන් යෝජනාවක්

සියලු දරුවන්ට පහ වසර ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටීමට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් වන අතර  මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්  ඇතුළු විද්වතුන් පිරිසකගෙන් සමන්විතවේ.

Exit mobile version