යූ ටු අද රෑ මරියානාවට

යූ ටු චණ්ඩ මාරුතය අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු මරියානා දූපත්වලට අද රාත්‍රියේ බලපානු ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කර තිබේ.

චණ්ඩ මාරුතයෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීම සදහා පූර්වාරක්ෂක පියවර ගෙන ඇති බවයි අමෙරිකා බලධාරීන්   වැඩ්දුරටත් සදහන් කළේ.

යූ ටු චණ්ඩ මාරුතය පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් වන අතර එය පැයට කිලෝමීටර් 280 ක වේගයෙන් හමායනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයන් පැවසුවේ.

බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මේ වන විට ජනතා වට අනතුරු ඇගවීම් සිදු කර අැති අතර. මෙම චණ්ඩ මාරුතය පිලිපීනය සහ තායිවානය දෙසටද ඇදී යන බවට කාලගුණ විද්‍යාඥයන් සදහන් කළේය.

Exit mobile version