හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර, ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථානු ජාතික ගුවන් මගී යුවලක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා අතරින් කාන්තාව 67 වන වියේ පසුවන අතර, පිරිමි පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවෙයි.
එහිදී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා හෙරොයින් ගුලි ගිල දමා පැමිණ ඇති බව අනාවරණය කර ගත් පසු මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ අනුව මෙම පාකිස්ථානු ජාතික කාන්තාව විසින් ගිල දමා සිටි හෙරොයින් ගුලි 35 ක් එළියට ගෙන තිබේ.
මෙම පිටතට ගත් හෙරොයින් ගුලි 35හි බර ග්‍රෑම් 350 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.