කුණු කන්දේ සාපය ගෙවන්න සිදු වුණේ අසරණ ජනතාවටයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අප රජයට රාජපක්ෂ ණය කන්දට අමතරව කුණු කන්දක් ද උරුම වුණා. මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින්න් මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
රාජපක්ෂ රෙජීමය යටතේ,ගත් තීරණයක් අනුව කසළ බැහැර කිරීම,ආරම්භ කළා.ජනාකීර්ණ ප්‍රදේශයක්වන මීතොටමුල්ල පරිසර ඇගයීමක් සිදු නොකොට,සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව නොසළකා,දිගින් දිගටම කුණු බැහැර කිරීම සිදු කළා.කිසිමසෙවිල්ලක් නැතිව කොළඹ කුණු ගෙනැවිත් දැම්මා.අප රජයට රාජපක්ෂ ණය කන්දට අමතරව කුණු කන්දක් ද උරුම වුණා.කුණු කන්දේ සාපය ගෙවන්න සිදු වුණේ අසරණ ජනතාවටයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version