ලිංගික හිංසන කළැයි ගූගල් සේවකයින් 50ක් නෙරපයි

ගූගල් සමාගමේ ලිංගික හිංසන චෝදනාවන් එල්ල වු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුළු 50 කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

ඒ අතර ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 13 දෙනෙකු සහ සේවකයින් 48 දෙනෙකු මෙලෙස සේවයෙන් නෙරපා ඇති බව ගූගල් සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිංගික හිංසන චෝදනා 2016 වසරේ සිට එල්ලවු සේවකයින් පිරිසක් මෙලෙස ධූරවලින් ඉවත් කර ඇති අතර සෙසු සේවකයින්ට ද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපි ගූගල් සමාගම විසින් යොමු කර ඇති බව සඳහන් වේ.

Exit mobile version