එජාපයෙන් කථානායකට ලිපියක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය, කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සහ මහලේකම්වරයා ලිඛිතව අදාළ ඉල්ලීම කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනාගෙන අග්‍රාමාත්‍ය  ධුරය දරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් එම ලිපියේ සඳහන්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (42)4  ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද ඒ අයුරින්ම පවත්වාගෙන යාම සහතික කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

Exit mobile version