පළාත් කිහිපයකට අදත් ගිගුරුම් වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අැති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version