බ්‍රසීල ජනාධිපතිවරණයේ ජය බොල්සොනාරෝට

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් එරට අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජයීර් බොල්සොනාරෝ ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ගණනය කර අවසන් 94% ක ඡන්ද ප්‍රතිශතයෙන් 56% ක්ම දිනාගැනීමට බොල්සොනාරෝ සමත්ව ඇති බවයි.

ජයීර් බොල්සොනාරෝගේ ප්‍රතිවාදියා වු ෆර්නැන්ඩෝ හඩාඩ් ලබාගැනීමට හැකිවුයේ 45% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ජයීර් බොල්සොනාරෝ ලබන වසරේ ජනවාරි පළමු වැනි දින බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.

Exit mobile version