එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලාංකිකයන්ට පණිවිඩයක්

ප්‍රජාතන්තවාදී වටිනාකම්වලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් නීතිය සහ සාමය තහවුරු කිරිමටත් සියලු ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරිමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම පවතින දේශපාලන අර්බුදය හමුවේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් ගුටෙරස් මහතා සියලු ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලිමක් කර අැත.

හිටපු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිළධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව ද දැඩි අවධානය යොමු කර ඇති බව මහ ලේකම්වරයා වැඩ්දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version