මත්තෙගොඩ රාජ්‍ය බැංකු කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

මත්තෙගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ගල්කිස්ස පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අදාල කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා සහ  ඊට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අද (30) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 26 වනදා පස්වරුවේ ගිනිඅවි රැගෙන මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් එම රාජ්‍ය බැංකුවේ රුපියල් කෝටි 05 කට අධික මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී පාදුක්ක සහ පොතුවිල් යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

ඉන් එක් සැකකරුවෙකුගේ නිවස පිටුපස වල දමා තිබූ කොල්ලකන ලද රුපියල් ලක්ෂ 493 ක වටිනාකමින් යුතු රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 93 ක මුදල් තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

කොල්ලකරුවන් විසින් අදාල බැංකුවේ සී.සී.ටී.වී දත්ත පද්ධතිය ගලවා රැගෙන ගොස් තිබූ අතර එම දත්ත පද්ධතිය හංවැල්ල ප්‍රදේශයෙන් කැලණි ගඟට දමා මෙම කොල්ලකෑම සඳහා ආධාර අනුබල ලබාදුන් බව කියන අනෙක් සැකකරු ද අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Exit mobile version