උඩවලව රක්ෂිතයේ වෙඩි තැබීමක්

උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

රක්ෂිතයේ මුවන් මරා මස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදී ඔවුන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එහිදී පොලිස් විශේෂ බලකා නිලධාරින් සිදු කළ ප්‍රතිප්‍රහාරවලදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

ඊට අමතරව ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් සහ උණ්ඩ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබේ.

Exit mobile version