ජනපති ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරු හමුවෙයි

අද (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් ජනපති මන්දිරයේ දී පැවැත්විණි.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර,  නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද පැහැදිලි කර තිබේ.

නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබාදීමට මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ සංවිධායකවරු  සිය කැමැත්ත පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්  නිකුත් කරමින් මේ බව සඳහන් කර අැත.

එමෙන්ම ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලූ සහයෝගය සක්‍රීයව ලබාදීමට කැප වන බවට ද සහතික වී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතු`ථ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් මෙම හමුවට එක්ව සිටියහ.

Exit mobile version